බදුල්ල - පස්සර හරහා ලුණුගල පාර 06 සිට වැසේ | දිනමිණ

බදුල්ල - පස්සර හරහා ලුණුගල පාර 06 සිට වැසේ

පස් කඳු කඩා වැටීම අවධානමක් හේතුවෙන් බදුල්ල - පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය අද පස්වරු 06.00ට සිට වසා තැබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, පසුගිය දිනවල මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පස් කඳු කපා දමා තිබුණු බවයි.

කෙසේ වෙතත් දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල පස් කඳු හා ගල් කඩා වැටීම් සිදුවේ.

ඒ හේතුවෙන් පෙරේදා දිනයේ ද මාර්ගය විටින් විට වසා දැමීමට සිදුවූ බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

 

නව අදහස දක්වන්න