ටිකට් කඩමින් සිටි කොන්දොස්තර බස් රථය තුළදී ඇදවැටී මරුට | දිනමිණ

ටිකට් කඩමින් සිටි කොන්දොස්තර බස් රථය තුළදී ඇදවැටී මරුට

ටිකට් කඩමින් සිටියදී  බස් රථය තුළදී ඇදවැටීමෙන් අනතුරට පත් වූ කොන්දොස්තරවරයෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි .
 
මෙසේ මියගොස් ඇත්තේ  පොල්ගස්ඕවිට සියඹලාගොඩ සිසිල් සෙවන අංක  216 / 3 හි පදිංචි  කඩවත ආරච්චිගේ නොයෙල් කරුණාරත්න  ජයසිංහ (52) පුද්ගලයෙකි
 
මත්තෙගොඩ පිටකොටුව 138 පෞද්ගලික බස් රථයක් අද (05)  උදෑසන 9 පමණ  පිටකොටුව බලා මත්තෙගොඩ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර ඇති අතර කිලෝමීටරයක් පමණ  දුරකින් පිහිටි සල්ගස් හන්දිය ප්‍රදේශයේදී මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා දීමට යාමේදී එක්වරම බස් රථයේ කොන්දොස්තරවරයා රථය තුලම බිම ඇදවැටී අනතුරට පත්ව තිබේ.
 
ඒ අනුව බස් රථය මාර්ගය අසල නවත්වා කොන්දොස්තරවරයා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පරීක්ෂාකොට පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
 
ඒ අනුව මෘතදේහය  හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.
 
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය .
 
සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත  සිදු කිරීමට නියමිතය .
 

නව අදහස දක්වන්න