ජනපති කොමිසමට නව සාමාජිකයින් 02ක් | දිනමිණ

ජනපති කොමිසමට නව සාමාජිකයින් 02ක්

පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව සාමාජිකයින් දෙදෙනෙකු පත් කර තිබේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කර ඇති එම සාමාජිකයින් දෙදෙනා වන්නේ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.පී. ධර්මවර්ධන හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරිය.

ඔවුන් දෙදෙනා එලෙස පත් කර ඇත්තේ, කොමිසමේ සාමාජිකයින් වන විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූර සඳහා ය.

පසුගිය ජනවාරි මස 14 වන දා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ කටයුතු කරති.

අදාළ කොමිසමට මේ වන විට පැමැණිලි 900ක් පමණ ලැබී ඇති අතර ලබන 19 වන දා දක්වා පැමිණිලි භාර ගන්නා බව ද සදහන්.

නව අදහස දක්වන්න