ජනාධිපති කොමිසම විමර්ශන අරඹයි | දිනමිණ

ජනාධිපති කොමිසම විමර්ශන අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිෂන් සභාව අද සිය විමර්ශන කටයුතු ආරම්භ කළේය. 
 
මහ බැඳුම්කර ක්‍රියාවලියේදී නීතිවිරෝධී දුෂිත ක්‍රියාවක් සිදුව ඇත් ද එසේ නම් ඒ පිටුපස සිටින්නේ කවුද යන්නත් සොයා බැලීමට නියමිතයි.

අනතුරුව ජනාධිපති කොමිසම විසින් මාස තුනකින් අවසන් වාර්තාව සැපයීමට නියමිතය. 
 
සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද සිට මාර්තු මස 31 වැනිදා දක්වා විමර්ශන කටයුතු කිරීමට නියමිතය. 
 
මෙම කොමිෂන් සභාව කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න සුජීව ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේළුපිල්ලේ යන අයගෙන් සමන්විතය. 

නව අදහස දක්වන්න