ශ්‍රී ලංකන් ගුවන් ගමන් පුළුල් කෙරේ | දිනමිණ

ශ්‍රී ලංකන් ගුවන් ගමන් පුළුල් කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත ඝෘතුවේ සිය දිගු ගුවන් ගමන් කාලසටහනේ වෙනස්කම් රැසක් සිදුකර තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවය සඳහන් කළේ  ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් A330- 300 යානා ලබන මස 28 වන දා සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවයි.

ලබන මස 29 වන දා සිට කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර සතියකට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර 17 සිට 21 ක් දක්වා ඉහළ දමා තිබේ.

 

නව අදහස දක්වන්න