ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිනිය ජැකලීන් | දිනමිණ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිනිය ජැකලීන්

 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිනිය ලෙසින් සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පත් කර තිබේ.

මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා මුම්බායි නුවර St. Regis හෝටලයේ දී සිදුකෙරිණි. එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් විසින් අදාළ ගිවිසුම බොළිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් වෙත භාර දෙන ලදී.

2016 මාර්තු 31 වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ ණය බර රුපියල් බිලියන 64.92 ක් ලෙසින් වාර්තා වන අතර එම මූල්‍ය වර්ෂය තුළ දී සමූහය විසින් වාර්තා කර ඇති අලාභය රුපියල් බිලියන 8.9 කි.

සුභාෂීණී සේනානායක

නව අදහස දක්වන්න