නාමල් කුමාර-අමිත් වීරසිංහ අත්අඩංගුවට | දිනමිණ

නාමල් කුමාර-අමිත් වීරසිංහ අත්අඩංගුවට

මහසෙන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහ පොලිස්  විශේෂ කණ්ඩායමක් විසින් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී අද (14)  අත්අඩංගුවට ගෙන තිබේ.
 
එසේම දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ව ද අත්අඩංගුවට ගනු ලැබීය.
 
වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
ප්‍රදේශ කිහිපයක සිදුවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මූලස්ථානය විසින් පත්කර ඇති පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්‍ෂණයෙන් යුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 
 

අදහස් 1ක් ඇත

Keep him in for ever.

නව අදහස දක්වන්න