Friday, ජුනි 12, 2015 - 10:00
පාසැල් සිසුවියක් හා පේ‍්‍රම සබදතාවයක් ඇති කරගැනීමට උත්සහකළ සිසුවෙක් සහ සිසුවියගේ පියා අතර ඇති වූ බව කියන ගැටුමක් හේතුවෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයක දීම තමන් හා හිතවත් වන ලෙස අදාළ සිසුවියට බලපෑම් කර ඇත.
කෙසේ වෙතත් එම සිසුවියගේ දෙමව්පියන් විසින් අවස්ථා කිහිපයකදීම සිසුවාට අවවාද කර ඇති අතර සිසුවියගේ පියා සහ පාසැල් සිසුවා ඊයේ සවස ආණමඩුව නගරයේදී ගැටී තිබුණා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ආණමඩුව පොලිසිය මගින් කි‍්‍රයාත්මකයි.
අදහස් 1ක් ඇත
Onna adare tharama moda
නව අදහස දක්වන්න