හිටපු යුද හමුදාපතිට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරය | දිනමිණ

හිටපු යුද හමුදාපතිට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරය

කුමුදු හෙට්ටිආරච්චි

විත්තිකරුගේ පාපොච්චාරණය ගැන විත්තියේ සාක්ෂි 13 දා

යුද හමුදා මූලස්ථානය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනයට තැත් කළ එල්.ටී.ටී.ඊ බෝම්බකාරියට ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා මත පවරා ඇති නඩුවේ පළමු විත්තිකරු පොලිසියට දුන්‍ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට තහවුරු කර ගැනීම සඳහා පවත්වන විභාගයේ විත්තියේ සාක්කි ලබන 13 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ (04) නියම කළේය.

2006.04.05 සිදු වූ ‍එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙල්වකුමාර් පිරිබාහරන්, සූරිය කුමාර්, හා තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරුවන් තිදෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත. නඩුවේ පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. රත්නවෙල් මහතා කළ ඉල්ලීමක් මත විත්තිකරුගේ එම පාපොච්චාරණය ස්වේඡාවෙන් ලබාදුන් ප්‍රකාශයක්ද යන කරුණු සනාථ කර ගැනීම සඳහා සාක්කි විභා‍ගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කර තිබුණි.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ඉදිරිපත්ව අවසන් වූ අතර විත්තිය වෙනුවෙන් සාක්කි ලබාදීම සඳහා එසේ ලබන 13 වැනිදාට දින ලබා දුනි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න