පාවුලෝ නුවර පොලීසියේ 2කට අපරාධ චෝදනා | දිනමිණ

පාවුලෝ නුවර පොලීසියේ 2කට අපරාධ චෝදනා

බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර යුද හමුදා පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් අයකු කළු ජාතික කාන්තාවකගේ ගෙල පාගාගෙන සිටීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් එරට රූපවාහිනියේ ප්‍රචාරයවීම නිසා ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ. කුඩා තැබෑරුමක හිමිකාරිනියක වන මේ මැදි වියේ කාන්තාවට ඉන් අනතුරුව විලංගුලා පදික වේදිකාව දිගේ ඇදගෙන යන දර්ශනයක් ද දක්නට තිබේ. මේ සිද්ධිය ඇසින් දුටු අයෙක් එය වීඩියෝ කර ඉදිරිපත් කර ඇති අතර, ඔහු පවසන්නේ මෙය මැයි මාසයේ දිනක සිදු වූ බවයි. මෙවැනි කටයුත්තක් තමන් ඉවසන්නේ නැතැයි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජොආඕ ඩොරියා පවසා ඇති අතර, මේ නිලධාරීන් දෙදෙනා සේවයෙන් පහකර තිබේ.

 

 

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න