Huawei ‘Together 2020 Warm Action’ වැඩසටහනින් සහන රැසක් | දිනමිණ

Huawei ‘Together 2020 Warm Action’ වැඩසටහනින් සහන රැසක්

ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් පසුගිය දා ‘Together 2020 Warm Action’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයන්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත.

රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ට ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මේ වැඩසටහන මැයි 31වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මේ වැඩසටහන හරහා සියලු Huawei ස්මාර්ට් උපාංග සඳහා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්, වගකීම් කාල සීමාවේ දීර්ඝ කිරීමක්, නොමිලයේ කුරියර් සේවාවක් මඟින් දුරකථනයේ ගැටලු විසඳා ගැනීමේ හැකියාවත්, තෝරාගත් ස්මාර්ට් ජංගම උපාංගයන්හි අමතර කොටස් සඳහා 20% ක සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවත් ඇතුළුව විවිධ පහසුකම් රැසක් හිමි වනු ඇත.

මේ වැඩසටහනට පෙර Huawei විසින් සිය පරිශීලකයන්ගේ පහසුව පිණිස ස්මාර්ට් දුරකථන භාවිතයේ දී මුහුණ දෙන විවිධ ගැටලු සඳහා විසඳුම් සම්පාදනය කිරීම සහ එම ගැටලු නිරාකරණය කර ගත හැකි සියලු ක්‍රමවේදයන් පිළිබඳ විස්තර ඇතුළත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දීම සිදු කරන ලදි. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති Huawei Support APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි පැන නඟින විවිධ ගැටලු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි වේ.

නව අදහස දක්වන්න