ගුවන්විදුලි සංස්ථාවෙන් පාසල් සිසුන්ට විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් | දිනමිණ

ගුවන්විදුලි සංස්ථාවෙන් පාසල් සිසුන්ට විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්

රටේ උද්ගතවී ඇති සෞඛ්‍ය තත්ත්වය හමුවේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින සියලු පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් ඊයේ (17) සිට විකාශය කිරීමට තීරණය කර ඇත.

සියලු පාසල් සිසුන්ට සම්බන්ධ විය හැකි ආකාරයට මේ වැඩසටහන් මාලාව ඉදිරිපත් කරන අතර විෂය කරුණු සහ ඊට සම්බන්ධ ප්‍රශ්නෝත්තර ඉලක්ක කර ගනිමින් මේ වැඩසටහන විකාශය කරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ් එම් නාලිකාව (එෆ්.එම්. තරංග මාලා 89.6 / 89.8) ස්ව දේශීය සේවය (එෆ්.එම්. තරංග මාලා 91.7 /91.9) වෙළෙඳ සේවය (එෆ්.එම්. තරංග මාලා 94.3/ 94.5) තෙන්ඩ්‍රල් නාලිකාව (එෆ්.එම්. තරංග මාලා 104.7 / 104.9) හා රේඩි‍යෝ ශ්‍රී ලංකා නාලිකාව (එෆ්.එම්. තරංග මාලා 97.4 / 97.6) ඔස්සේ මේ වැඩසටහන් මාලාව ප්‍රචාරය කෙරේ. ප්‍රවීණ ගුරු මණ්ඩලයක් සහ දේශකවරු මීට සහභාගි කර ගැනෙති. පහත පරිදි මේ අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීමට සැලසුම් කර ඇත.

නාලිකාව ශ්‍රේණිය / විභාග වේලාව

සිටි එෆ්.එම්. නාලිකාව අ.පො.ස. උසස් පෙළ විෂයන් සඳහා 0800 - 1230 /1500 – 1800

වෙළෙඳ සේවය හය ශ්‍රේණියේ සිට අ.පො.ස, සාමාන්‍ය පෙළ විභාගය දක්වා 0900 – 1000 /1300 – 1400

ස්වදේශීය සේවය පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දක්වා 1000 – 1100 /1500 – 1800

තෙන්ඩ්‍රල් නාලිකාව අ.පො.ස උසස්පෙළ විෂයන් සඳහා 0900 -1100

තෙන්ඩ්‍රල් නාලිකාව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා 1100 – 1200

දෙමළ ස්වදේශීය සේවය හය ශ්‍රේණියේ සිට දහය ශ්‍රේණිය දක්වා 1600 - 1630

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දක්වා 1700 - 1730

රේඩියෝ ශ්‍රී ලංකා නාලිකාව සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය 1400 – 1500

උසස්පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි 1600 - 1800

මීට අමතරව සංගීත විෂය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් දිනපතා පස්වරු 1.00 සිට මෙම විකාශය කිරීමට ද සැලසුම් කර ඇත. පාසල් දරුවන්ට, ගුරුවරුන්ට හා වෙනත් උපදේශකවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට හා ලබාගැනීමට පහත දුරකථන අංක ඇමතිය හැකිය.

සිටි එෆ්.එම්. නාලිකාව : 011 – 2691992, 0112676567, තෙන්ඩ්‍රල් නාලිකාව 0112676464, 0112676868, ස්වදේශීය සේවය- 011268241, වෙළෙඳ සේවය 0112697500 - 0112695491, රේඩි‍යෝ ශ්‍රී ලංකා නාලිකාව 0112694316

මේ පාඩම් මාලා www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ Youtube නාලිකාව හා Facebook පිටුව මගින් ලබාගැනීමට ද පහසුකම් සලසා ඇත.

මේ පාඩම් මාලාවන්ට නිවසේ සිටින සිසුන් යොමුකර ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව සලසන මෙන් සියලුම ගුරුවරුන්ගෙන්, මවුපියන්ගෙන් සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉල්ලීමක් කරයි.

නව අදහස දක්වන්න