සුනඛයන් ඝාතනය කළැයි සැකකරු රිමාන්ඩ් | දිනමිණ

සුනඛයන් ඝාතනය කළැයි සැකකරු රිමාන්ඩ්

නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක් තුළදී සුනඛයන් ඝාතනය කිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ සැකකරු පෙබරවාරි 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් ශෂිකා ලක්මාලි දසනායක මහත්මිය නියෝග කළාය. ඒ කොබෙයිගනේ පොලිසිය මගින් සැකකරු 20 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිකවැරටිය මාගල්ල ජලාශය අසල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක හිමිකරුට අයත් කොබෙයිගනේ පිහිටි කුකුළු ගොවිපළකදී වායු රයිපලයකින් සුනඛයකුට වෙඩි තබා ඝාතනය කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව හිංසනයට එරෙහි සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් විරෝධය දැක්වීමෙන් පසු කොබෙයිගනේ පොලිසිය මගින් 19 දින සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙලෙස රක්ෂිත භාරයට පත් කෙරුනේ එම ගොවිපලේ භාරකරු ලෙස කටයුතු කරන කොබෙයිගනේ නබඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වාරියපොල සමූහ

ඒ. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න