මහකන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි | දිනමිණ

මහකන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි

කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය මගින් 2018, 2019 මහකන්නයේ වගා හානි වූ ගොවීන් දහනව දහස් තුන්සිය අනූහතර දෙනෙකුට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කර තිබේ.
 
අක්කරයකට රුපියල් හතළිස් දහසක උපරිමයකට යටත්ව මෙම වන්දි ගෙවීම සිදුවේ.
 
පාලනය කරගත නොහැකි ස්වාභාවික විපත් මගින් හානි සිදු වූ වී, බඩඉරිඟු,  සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට මේ යටතේ සහන සැලසෙනු ඇත. වන්දි හිමි සියලු ගොවීන්ට හෙට සිට බැංකු මගින් වන්දි මුදල් ලබාගත හැකිය. 
 
ලබන 24 වනදා වන විට වන්දි මුදල් ලැබී නැති ගොවීන්ට අදාළ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ කාර්යාලය වෙත අභියාචනයක් යොමු කළ හැකි බව එම මණ්ඩලය නිවේදනය කරයි.

නව අදහස දක්වන්න