ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල එංගලන්තයට | දිනමිණ

ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල එංගලන්තයට

කෑෂ්වැගන් සන්නාමය හිමි ලෙන්ඩ්ටෙක් ලංකා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමිල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් සංගමයේ තාක්ෂණික හා මෙහෙයුම් අංශ ප්‍රධානී හිරාන් ද මෙල් මහතා වෙත අනුග්‍රාහක්වය පිරිනැමූ අයුරු. ජායාරූප: රුසෙයික් ෆාරුක්

එංගලන්තය සමඟ පැවැත්වෙන ගෘහස්ත ක්‍රිකට් තරගමාලාවේ දෙවැනි අදියර සඳහා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිතය. ලෝක ගෘහස්ත ක්‍රිකට් සංගමයේ අනුමැතිය යටතේ මේ තරගමාලාව ජනවාරි 8 සිට 17 දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවර ඇක්ෂන් ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එතෙර හා මෙතෙර පැවැත්වෙන මේ ගෘහස්ත ක්‍රිකට් තරගමාලාවේ පළමු අදියර පසුගිය 2018 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම 6-0ක් වශයෙන් එහි දී ජයග්‍රහණය අත්පත් කරගත්තේ ය. තරගමාලාව සම කිරීම සඳහා එංගලන්තය සිය රටේ දී පැවැත්වෙන තරගමාලාව සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළ යුතු ව ඇත.

ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් පිල කෑෂ් වැගන් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ මේ සංචාරයට එක්වෙයි.

 

රුසෙයික් ෆාරුක්

නව අදහස දක්වන්න