අංක එකේ හිටපු ටෙනිස් ශූරියටත් වයිල්ඩ් කාඩ් | දිනමිණ

අංක එකේ හිටපු ටෙනිස් ශූරියටත් වයිල්ඩ් කාඩ්

එක්සත් ජනපද විවෘත තරගයෙන් පසු නිල තරගාවලියකට සහභාගී නොවූ ටෙනිස් පිටියේ සුරූපිනිය වූ මාරියා ෂරපෝවා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ජාත්‍යන්තර තරගාවලියට එක්වීම සදහා වල් කාඩ්පතක් ලැබී ඇත. බ්‍රිස්බේන් ජාත්‍යන්තර තරගාවලියට සුදුසුකම් නොලැබීම හේතු කොට තරග සංවිධායකයින් ලබාදෙන විශේෂ අවස්ථාව වයිල් කාඩ් සුදුසුකම වේ.

පස් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනාගත් ඇය සති දෙකකට පෙර අබුඩාබි ප්‍රදර්ශන තරගාවලියට සහභාගී වූ අතර දැන් බ්‍රිස්බේන් හි නැවත ප්‍රධාන තරගාවලියකට එක්වීමට සැලසුම් කර තිබේ. උරහිසේ ආබාධයක් හේතුවෙන් ෂරපෝවා ආබාධයකට පත්ව සිටි අතර පසුගිය වසරේ තරග 8 ක් පමණක් ක්‍රීඩා කළාය.

"මගේ ශල්‍යකර්මයෙන් පසු උරහිසේ ආබාධය කවදාවත් සම්පූර්ණ වේ යැයි මා හිතන්නේ නෑ. නමුත් මට ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේ කළ හැකිබව මට තවමත් දැනෙනවා”

කලක් අංක එකේ සිටි ෂරපෝවා ශ්‍රේණිගත කිරීම්වල අංක 133 දක්වා පහළ බැස ඇත. වසර 2016දී තහනම් උත්තේජන චෝදනාවලට හසුව මාස 15ක ක්‍රීඩා තහනමකින් පසු ෂරපෝවා යළි ටෙනිස් පිටියට පිවිසි අතර අනතුරුව ක්‍රීඩා කිරීමේදී උරහිසේ ආබාධයකට ලක්ව තරග බිමෙන් කෙටි කලක් ඈත්ව සිටියාය.

නව අදහස දක්වන්න