කොළඹ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඒකාබද්ධව සංවිධාන කළ වාර්ෂික රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට IOM කණ්ඩායම සමත්විය. අවසන් තරගයේදී ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ කැනේඩියානු කණ්ඩායමය.
කොළඹ මැලේ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ පසුගියදා පැවැති මේ තරගාවලියට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සේවකයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ අයත් එක්වී සිටියහ. ඉන්දියාව, කොරියාව, කැනඩාව, පාකිස්තානය, ආසියානු, යුරෝපය, ගල්ෆ්, අයි.ඕ.එම්., යූ.එන්.ඩී.පී., යුරෝපා, ඩබ්ලිව්.එච්.ඕ, ඒ.ඩී.බී. සහ බ්‍රිතාන්‍ය කවුන්සිල කණ්ඩායම් මේ තරගාවලියට එක්වූහ.
ජයග්‍රාහී IOM කණ්ඩායමේ නායක අරුණ දිසන්ත සහ අනුශූරයන් කැනේඩියානු කණ්ඩායමේ නායක ජෙරාඩ් කුමාර් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබිනා පී. මාර්ක්ස් සහ කොළඹ කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහත්ම මහත්මිහු අතින් කුසලාන ලබාගත්හ.
රුසෙයික් ෆාරුක්
නව අදහස දක්වන්න