ශිෂ්‍යත්ව හපන්නු | දිනමිණ

ශිෂ්‍යත්ව හපන්නු

දෙනුවර්ෂන් සිසුවා පියා සිවලිංගම් සසිකාන්තන් හා මව සුභාෂණි සමග

මෙවර පහ වසර ශිෂ්‍යත්ව ප්‍රථිඵල අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 197ක් හිමකර ගැනිමට ශ්‍රි කෝනේෂ්වරා හින්දු විද්‍යාලයේ සසි කාන්තන් දෙනුවර්ෂන් සිසුවා සමත්විය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය එම විද්‍යාලයෙන් සිසුන් 155ක් පෙනිසිටි අතර සිසුන් 67සමත් වි තිබේ.දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ප්‍රමානය වන 197ක් ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දැකවු එම සිසුවාගේ පියා පවසන්නේ තමන් මෙම ලකුණු ප්‍රමාණය කිසිසේත්ම අපෙක්ෂා නොකල බවයි.

පහවසර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් මෙම සිසුවාගේ පියාවන සිවලිංගම් සසි කාන්තන් මහතා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්. බිරිද රැකියාවක් කරනනේ නැහැ.

මෙහිදි අදහස් දැක්වු සසි කාන්තන් දෙනුවර්ෂන් සිසුවා මගේ ඉලක්කය වුණේ ලකුණු 198ක් ගන්න.මට වැරදුනේ එක ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නයට උත්තරේ මම දන්නේ නැහැ.මම වැඩිම ලකුණු ගන්න උත්සහ කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැකගැනිමට ඇති ආශාව නිසයි යැයි කීය.

මෙම සිසුවාගේ දෙමව්පියන් දෙපල විද්‍යාලයේ විදුහල්පති එස්.පත්මශීලන් මහතාටත් පංතිභාර ආචාර්ය තිලකරාණි කලෙයිචෙල්වම් මහත්මියත් ගෞරවයෙන් සිහිපත් කරයි.

ත්‍රි/මලය විශේෂ-ඒ.ටිඑම් .ගුණානන්ද
ඡායාරූපය -ත්‍රි/මලය විශේෂ

*******************

2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව වවුනියාව පුදුකුලම් කණිෂ්ඨ විද්‍යලයේ තරණියා විවේකනන්දරාසා ශිෂ්‍යයාව ලකුණු 192 ක් ලබා ගෙන වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභියා වී තිබේ.

මෙම විද්‍යාලයෙන් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 56 ක් පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 38 ක් විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ඇති නිසා වවුනියාව උතුර අධ්‍යාපන කලාපයේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ඉහලම ස්ථානයට පත්ව ඇත්තේ වවුනියාව පුදුකුලම් කණිෂ්ඨ විද්‍යාලයයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

*******************

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් යාපනයෙන් වැඩිම ලකුණු ඒ. අරුෂාන්ට

2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව යාපනයේ හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ඒ.අරුෂාන් ශිෂ්‍යයා ලකුණු 196 ක් ලබා ගෙන යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභියා වී තිබේ.

මෙවර සිසුන් ලබා ගත් ලකුණු අනුව ඔවුන්ව ජාතික මට්ටමින් හා දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රේණිගත කොට නොමැති නිසා මේ සිසුවා ජාතික මට්ටමින් හිමිකරගෙන ඇති ස්ථානය කිව නොහැකි බව යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය. මේ විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 279 දෙනෙකු ඉදිරිපත් වූ බවත් ඔවුන් අතරින් සිසුන් 160 දෙනකු විභාගය සමත් වී ඇති බවත් විදුහල්පතිවරයා වැඩි දුරටත් පැවසීය.

උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ

 

නව අදහස දක්වන්න