පැලවත්ත වෙතින් නිෂ්පාදන රැසක් | දිනමිණ

පැලවත්ත වෙතින් නිෂ්පාදන රැසක්

ශ්‍රී ලංකාවේ 100% ක් දේශීය වශයෙන් කිරි නිෂ්පාදන වෙළෙද පොළ වෙත යොමු කරන පැලවත්ත කිරි නිෂ්පාදන නව නිෂ්පාදන රැසක් වෙළෙද පොළ වෙත හඳුන්වාදීමේ අදිටනින් මේ වන විට පරීක්ෂණ සහ දියුණු කිරීම් කටයුතු කරමින් පවතියි. 100% ක්ම දේශීය මූලාශ්‍රයන්ගේ කිරි භාවිතයෙන් රසකාරක, කල්තබා ගැනීමට විවිධ දේ සහ වර්ණක එකතු කිරීමකින් තොරව නිෂ්පාදනය වීමට නියමිත පැලවත්තේ මේ නව නිෂ්පාදන දැනටමත් පුළුල්ව අලෙවි වන නිෂ්පාදන ගොනුවට තවත් උසස් බවක් එක් කරනු ඇත.

ඉහළ කුසලතාවන්ගෙන් සපිරි පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ වන විට බුත්තල පිහිටි පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සංකීර්ණයේ මේ නව නිෂ්පාදන පරීක්ෂණයට භාජනය කරමින් සිටී. ‘වෙළෙඳ පොළ තුළ විවිධ නිෂ්පාදන කාණ්ඩ ගණනාවක අවශ්‍යතාව අප හඳුනාගෙන තිබේ. කිරි නිෂ්පාදන කර්මාන්තය තරමක් තරගකාරී වුවද, පැල්වත්ත අපගේ පාරිභොගිකයන්ට දේශීයව නිපදවනු ලබන, පෝෂ්‍යදායී හා දැරිය හැකි මිලකට කිරි නිෂ්පාදන හඳුන්වාදීමට අධිෂ්ඨාන කරගෙන සිටියි. ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂණය කිරීම අපගේ උත්සහායේ තවත් පියවරක්’ යැයි පැල්වත්ත ඩේර් හි කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න