තම දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන් ජවි­පෙට අව­ලාද නඟන්න එපා | දිනමිණ

තම දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන් ජවි­පෙට අව­ලාද නඟන්න එපා

තමන්ගේ දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන් සහ තමන්ට අහිමි වන ව්‍යාපාර බලය යළි අත්පත් කර ගැනීම වෙනු­වෙන් ජනතා විමුක්ති පෙර­මු­ණට අව­ලාද නඟන්න එපා යැයි එක්තරා මාධ්‍ය ආය­ත­න­ය­කට පව­සන බව ජනතා විමුක්ති පෙර­මුණ පක්ෂයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

මේ පිළි­බඳ වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා මෙසේ ද කීවේය.

සමාජ මාධ්‍ය ජාලා­වල වටි­නා­කම , ඒවායේ වග­කීම් විර­හිත බව හසු­රු­ව­න්න­න්ගෙන්ම ඔප්පු වී තිබෙ­නවා. සමාජ ජාලා වෙබ් අඩවි කිසිදු හර­යක් නැති, වටි­නා­ක­මක් නැති ප්‍රවෘත්ති නිර්මා­ණය කර­මින් සිටි­නවා. අපි ඒවා කිසි­සේ­තම බැරෑ­රුම් ලෙස සල­කන්නෑ. මොකද සමාජ මාධ්‍ය ජාලා කෙරෙහි තිබුණ වටි­නා­කම සහ බලය එහි ක්‍රියා­කා­රී­ත්වය විසින්ම ඒවායේ වටි­නා­කම , වග­කීම අහෝසි කර තිබෙ­නවා.

නමුත් එක්තරා පුව­ත්ප­තක වාර්තා­ක­ර­ණ­යක් ගැන යම් සැල­කි­ල්ලක් දක්වනා. එම පුව­ත්පත රටේ පළ කරන බව දන්නේ ඉතා කුඩා ප්‍රමා­ණ­යක පිරි­සක්. පුව­ත්පතේ අයි­ති­ක­රු­වන්ට ඔවු­නගේ විය­දම හා ආදා­යම පෙන්නුම් කරන්න පුළු­වන් නම් මොන තරම් මුදල් ප්‍රමා­ණ­යක් මෙම පුව­ත්පත පව­ත්වා­ගෙන යන්න යොද­ව­නාවා ද යන්න කියන දේ හොයා­ගන්න පුළු­වන්. පුව­ත්පතේ ආදා­යම , විය­දම රටට එළි­ද­රව් කරන්න කියා මම අභි­යෝග කර­නවා. මේ මාධ්‍ය ආය­තන පව­ත්වා­ගෙන යන්නේ ඇයි ? ඒවායේ යම් දේශ­පා­ලන අර­මු­ණක් තෙබෙ­නවා. එහි අයි­ති­ක­රුවා මාධ්‍ය ජාලා අයි­ති­ක­රු­වෙක් විය හැකි ද? දේශ­පා­ලන සබ­ඳ­කම් නොමැ­තිව අපේ රටේ එවැනි ව්‍යාපාර වර්ධ­නය කළ හැකි ද? පසු­ගිය දශ­කයේ අපේ රටේ පාල­නය දෙස බැලූ විට ව්‍යාපාර ආරම්භ කිරී­මට , කොටස් වෙළ­ඳ­පොළේ ගනු­දෙනු සිදු කිරී­මට හැකි­යාව තිබුණේ දේශ­පා­ලන හස්ත­යන්ගේ සහාය මත පම­ණයි. ඒනිසා දේශ­පා­ලන හස්ත­යන්ගේ සහාය සහ මැදි­හ­ත්වී­මක් නැතිව දැවැන්ත සමා­ගම් සහ මාධ්‍ය ජාලා­වන්ගේ කොට­ස්ක­රු­වන් විය නොහැකි බව ඉති­හා­සයේ සාක්ෂි තිබෙ­නවා.

මේ මුළු මාධ්‍ය ජාලා­යම යම් දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙන් මෙහෙය වෙමින් තිබෙ­නවා.

ඒ පුද්ග­ල­යාට අයත් නාලි­කාව සහ ඔහු යම් දේශ­පා­ලන ව්‍යාපෘ­ති­යක කොට­ස්ක­රු­වන් බවට පත් වී තිබූ බව පසු­ගිය කාලයේ දී අපි දැක්කා . මෙම ප්‍රවෘත්ති නිර්මා­ණය කරන්නේ ඒ දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන්. ත්‍රස්ත ක්‍රියා­ව­ලට සම්බන්ධ වූ එක්තරා පුද්ග­ල­යෙක් ජවි­පෙට මුදල් විය­දම් කළා නම් ඒවා හෙළි­ද­රව් කරන්න කියා මම කිය­නවා. රටේ මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කරන විට, මාධ්‍ය ආය­තන වලට බෝම්බ ගහන විට, මාධ්‍ය­වේ­දීන්ගේ අත­පය කඩන විට ඒ මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් අපි පෙනී හිටියා.

මෙම මාධ්‍ය ජාලය ඔහුට ඔහුගේ දේශ­පා­ල­නය වෙනු­වෙන් යොදා ගත්තාට කමක් නැහැ. නමුත් තමන්ගේ දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන්, තමන්ට අහිමි වන ව්‍යාපාර බලය යළි අත්පත් කර ගැනීම වෙනු­වෙන්, තමන්ගේ බලය උපයා ගැනී­මට යළි දේශ­පා­ලන ව්‍යාපෘ­ති­ව­ලට අව­තී­ර්ණ­වීම වෙනු­වෙන් ජනතා විමුක්ති පෙර­මු­ණට අව­ලාද කරන්න සූදා­නම් වෙන්න එපා කියා අපි අව­ධා­ර­ණය කර­නවා.

ලියන්න, වාර්තා කරන්න අයි­තිය තියෙ­නවා වගේම ඔවුන්ගේ වාර්තා­ක­ර­ණයේ , ඔවුන්ට තොර­තුරු සැප­යීමේ අස­ත්‍ය­බා­ව­යක් තිබෙ­නවා නම් එය නිව­රැදි කරන්න පුළු­වන් විය යුතුයි. වාර්තා­ක­ර­ණයේ අයි­තිය වාගේම ඒවායේ තිබෙන අසත්‍ය ස්වභා­වය නිව­රැදි කර­දී­මත් අපේ අයි­ති­යක්.

නව අදහස දක්වන්න