සංචාරකක ක්ෂේත්‍රයට සංක්‍රාන්ති සමයක් | දිනමිණ

සංචාරකක ක්ෂේත්‍රයට සංක්‍රාන්ති සමයක්

අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රාස්ත ප්‍රහාරයන් හේතුවෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ලවී ඇති දැඩි බලපෑමක් පිළිබඳව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමයේ සභාපති මහින්ද බ්‍රැන්ඩිගම්පළ මහතා පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තය සුවිසල් අභියෝගයකට මුහුණ පා ඇති බවයි.

"මේ දවස්වල ලංකාවේ තිබෙන ආරක්ෂාව පිළිබඳව තත්වය රජය විසින්නිසි පරිදි ප්‍රකාශ නොකිරීම මීට බලබා ඇති ප්‍රමුඛතම ගැටළුවයි. ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය වශයෙන් අපි අපේ සංචාරකයින්ට විශාල වගකීම් සම්භාරයක් ඉටු කරනවා. අපි ලංකාවට පැමිණෙන සංචාරකයින්ට රටේ පවතින සත්‍ය තත්ත්වය තත්ත්වානුකාරයෙන් ප්‍රකාශ කළ යුතු වනවා. ඒත් ඒ සඳහා රජය අවශ්‍ය දැනුවත් කිරීම් කිරීම සඳහා තවමත් පියවර ගෙන නෑ. World Federation of Tourist Guide Association එක ආයතන 175 ක් සහ රටවල් 123 කට සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. මේ නිසා අපිත් ලෝකයේ සෑම රටකම ජීවත්වන, විවිධ භාෂා කථා කරන සංචාරකයින් සමඟ ගණුදෙණු කරනවා.

මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම 30 % ක පමණ අඩු වීමක් සිදු වී තිබෙනවා. පසුගිය සතියේ දී සිදු වූ ත්‍රාස්ත ක්‍රියාකාරකම් නිසාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් රටින් පිට වී ගියා. ත්‍රාස්ත ක්‍රියාකාරකම් පසු අපේ රටට පැමිණිමට නියමිතව සැලසුම් කර පැවති සංචාර 20 % - 30 % ක් පමණ අවලංගු කර ඇතැයි වාර්තා වී වෙනවා. සංචාර සැලසුමි කිරීමේදී අපසාමාජීකයින් සමඟ ඔවුන් නිරතුරුව සම්බන්ඳවී කටයුතු කරනවා.පසුගිය දිනක අපගේ සංගමය ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රකට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහභාගී වෙමින් පවත්වන ලද රැස්වීමක දී ධම්මික පෙරේරා මහත්මා ප්‍රකාශ කලේ, ලංකාවට අලුතින් පැමිණෙන සංචාරකයින්ගෙන් හෝටල්වල RATE එක 50 % කින් අඩු කළ යුතු බවයි. අප පවසන්නේත් එවැනි දේවල් කිරීමෙන් මෙම තත්වය යතා තත්වයට පත්කිරීමට උත්සුක විය යුතු බවයි. "

" ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන අවස්ථාවේ ලංකාවේ වැඩිපුර හිටියේ චීන සංචාකරයිනුයි. ඒ වාගේ ම බ්‍රිතාන්‍ය සංචාරකයින් 85 % ක් පමණ සිටියා. මේ වන කොට ඔවුන් බොහෝ දෙනෙක් රටින් පිට වී ගොස් තියනවා. ඒ වාගේ ම මේ වන විට ලංකාවට පැ‍මණෙන සංචාරකයින්ගේ Tourist Travel insurance විදෙස් සමාගම් විසින් ඉවත් කර තිබෙනවා. "

සංචාරක ක්ෂේත්‍රයට මේ දිනවල සිදු වී තිබෙන සිදු පවතින දෑ " සංකාන්ති සමයක් " යනුවෙන් අපට හදුන්වන්න පුළුවන්. දිවයිනට මෙවැනි අභියෝග පැමිණෙද්දී ඒවාට හොඳින් මුහුණ දී සංචාරක ක්ෂේත්‍රය යළි නඟා සිටු වීමට අපි සැවොම දායක විය යුතු වනවා. ඒ සඳහා අප මැයි මාසයේ දී අලුතින් Language Courses ආරම්භ කිරීමට සිතා ගෙන සිටිනවා.එම පාඨමාලා සියලුම මාධ්‍ය මඟින් අප දැනුවත් කරනවා. ඒවාගේ ම අපගේ Language Courses සඳහා NVQ මට්ටමේ සහතිකයක් අප ලබා දීමට සූදානම් කරනවා. ග්‍රාමීය සංචාරක කර්මාන්තයේ නියලුණු ප්‍රජාව, බෝට්ටුකරුවන්,ත්‍රීවිල් රියදුරන් ආදී සංචාරක කර්මාන්තයට අදාළ , නිළ නොලත් පුද්ගල කොට්ඨාස සඳහා නවමු අන්දමේ පුහුණු වැඩසටහනක් ඉදිරියේ දී ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය .

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න