ලොව ලාබාලතම බිලියනපතිනිය | දිනමිණ

ලොව ලාබාලතම බිලියනපතිනිය

ෆෝබ්ස් බිලියනපති ලැයිස්තුවට අනුව කයිලි ජෙනර් ලෝකයේ ලාබාලම ස්වයං-සකසූ බිලියනපති ලෙස නම් කෙරේ. 
 
කාර්ඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකාව වන ඇය රූපලාවන්‍ය ව්‍යාපාරිකාවකි. වසර තුනක් ඇතුළක සිය ව්‍යාපාරය තුළින් ලොව පුරා ජනප්‍රිය වූ කයිලිගේ පසුගිය වසරේ අලෙවි ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 360 කි. 
 
ඇය මේ වන විට 21 වැනි වියේ පසුවන අතර වයස අවුරුදු 23 දී බිලියනපතියකු වූ ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ට පෙර මෙම තත්ත්වයට පැමිණීමට සමත් වී ඇත. 
 
මේ අතර එම ලැයිස්තුව  නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ  ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ය. ඩොලර් බිලියන 131ක වත්කමක් සහිත ඔහු 2018 වසරේ දී ඩොපර් බිලියන 19කින් සිය වත්කම ඉහළ නංවා ඇත. නමුත් බොහෝ බිලියනපතියන් ගේ වත්කම් පහළ ගොස් ඇති බව පෙන්වා දෙන ෆෝබ්ස් ලැයිස්තුව වාර්තා කරන්නේ ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද ඒ අතර වන බවයි.

නව අදහස දක්වන්න