පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට | දිනමිණ

පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රත්ගම , බූස්ස ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට අනුයුක්ත, පොලිස් පරීක්‍ෂක පස්කුවල් හංදි නිෂාන්ත ද සිල්වා යන අය අත්අඩංගුවට ගෙන තිබේ.
 
බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසින් චින්තක (31) යන දෙදෙනා ජනවාරි 23 සිට අතුරුදන්ව සිටී.
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විමර්ශනයෙන් අනතුරුව ලද තොරතුරු හා සාක්‍ෂි අනුව මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
පොලිස්පතිවරයා විසින් මෙම සිද්ධිය සමබන්ධයෙන්  විමර්ශන කටයුතු සිදු කිරීම පෙබරවාරි 13වනදා දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදි. 
 
ඒ අනුව සිදු කළ පර්යේෂන හා සාක්‍ෂි මත අද(18) සවස ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ දී මෙම පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

නව අදහස දක්වන්න