නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනැහී මිය යන්න මිසක හඬන්නට නොවේ | දිනමිණ

නූල් පොටක් උරුම නැතුව හඬමින් මෙලොවට ආවේ හිනැහී මිය යන්න මිසක හඬන්නට නොවේ

මෙය වචන පෙළක් නොවන අතර මෙයට වසර 31කට පෙර කෲර සිත් ඇති මිනිසුන් විසින් ‍ෙලාවට අහිමි කළ දිවංගත විජය කුමාරතුංගයන්ගේ සැඟවුනු ගීතයකි. මෙය ඔහුග් ජීවිත කතාව යයිද විටක සිතෙයි.

ඔහුගේ උපත ධනවත් පවුලක නොවන අතර ඉහළ පැලැන්තියකද නොවෙයි. සාමාන්‍ය පවුලක සිව්වන දරුවායි.

හන්තානේ කතාව නම් සිනමා පටයෙන් කලාවට අවතීර්ණ වූ මෙම උදාර පුද්ගලයා තමා උපන් සීදූව ග්‍රාමයේ ලංකා සම සමාජ පක්ෂයේ පුවත්පත අලෙවි කරමින් දේශපාලන ලොවට පිවිසි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩ නැඟුවේය.

ගායන ශිල්පියෙකු ලෙසින්ද නිපුණතා එළිදැක්වූ කුමාරතුංග මහතා සමාජ තලයට නවතම අත්දැකීම් එක්කල ගායන ශිල්පියෙකු ලෙසින්ද හැඳින්විය හැකිය.

සීදූව ග්‍රාමයේ පමණක් නොව මුළු දේශය පුරාමත් මිනිසත්කම ඉස්මතුවන ආකාරයෙන් ජීවත්වූ මෙම උදාර මිනිසා අද දිනයේද සිහිපත් කරනුයේ මෙම ගුණාංග නිසායි යයි බොහෝ දෙනා පිළිගනිති. තමන්ට ලැබිය යුතු දෙයක් ලැබීමට ඉඩ හැර එය ගෞරවාන්විත ආකාරයට ලබාගත්තා මිස බලහත්කාරයෙන් ලබාගැනීමට කටයුතු නොකළහ.

ගෙවී ගිය වසර 31 ට පෙර ඉපදුන පිරිමි දරුවකු නම් වර්තමානයේදී වගකීම් දරන තරුණයෙක් වන අතර ගැහැණු දරුවකු නම් වගකීම් දරණ තරුණියකි. අද මිය යන පුද්ගලයා හෙට දිනයේ අමතක වන සමාජයක ඔබව සිහිපත් කරනුයේ හද පිරි ගෞරවයෙනි. එය ඔබටම උරුම වූ යම්කිසි විරල වූ බලයකි.

සමහර පුද්ගලයින් වාසි තකා මානව හිතවාදී යයි කියා ගන්නා අතර එවැනි උදවියට ‘විජය’ යන චරිතය ආදර්ශයක් වනුයේ කෙනෙකුට උදව් උපකාරයක් කළ විට එය ලබාදෙනුයේ අන් අයකුගේ හදවතට නොදැනෙන්නට නිසාය.

කුහකකම, ඊර්ෂියාව, වෛරය, පිරිපුන් සමහර ජනතා නියෝජිතයින් ඉදිරියේදී ඔබ උතුරු නැගෙනහිර ගැටළුව විසඳීමට ක්‍රියා කළ ආකාරය පිළිබඳව මෙරට ජනතාව සිහිපත් කරනුයේ අවංකත්වයේ නාමයෙනි.

ගමක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්වත් නොදැරීම එහි තවත් සුවිශේෂත්වයකි.

මෙළොව උප්පත්තිය සිදුවන කවුරුත් හෝ කිසිම දෙයක් නැවත රැගෙන නොයයි. මිනිසුන් ජීවත් වෙති. බුදු වදන අනුව මිය ගියාට පසුවත් ජීවත් වෙති. ඒ මොහු වැනි මිනිසුන්ය.

සැමදා ඔබට සිහිපත් කරන මා ඔබව සැබෑ ජීවිතයේ දුටුවේ ජීවිතයේ එක් අවස්ථාවක පමණි. එය ඔබගේ මරණයට මාස 03කට පමණ පෙරය. වත්තල ප්‍රදේශයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ඔහුගේ සුරතින් මාහටද ත්‍යාගයක් ලැබීම එම අවස්ථාවයි. ජීවිතයේ එක් වරක්වත් ඔබව නොදැකපු අප අතරේ එය මට සුවිශේෂත්වයකි.

ධම්මික ජයරංජන්

 

නව අදහස දක්වන්න