ඇතුළුනුවරට වතුර ඉල්ලා... | දිනමිණ

ඇතුළුනුවරට වතුර ඉල්ලා...

අනුරාධපුර මධ්‍යම විශේෂ

දශක දහයකට වැඩි කාලයක් අනුරාධපුර පැරණි පූජා භූමියේ ඇතුළුනුවර පරාම්පරිකව ජීවත්ව පිරිසගේ මුලික අවශ්‍යතාවක් වන ජලය සහ විදුලිය ලබා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර ලබා නොදීමට විරෝධය පළ කරමින් අනුරාධපුර පැරණි පූජා නගරයේ ඇතුල් නුවර වැසියෝ පසුගියදා අනුරාධපුර ශ්‍රී මහ බෝධි මාවතේ පිහිටි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන පිවිසුමෙන් කිසිවකුටත් බැහැරවීමට නොහැකි ලෙස විරෝධතාවක නිරත වූහ.

ජලය හා විදුලිය ලබා දීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර දෙන තෙක් පුරාවිද්‍යා කාර්යාලය වටලා සිටින බව විරෝධතාවට එක්ව සිටි ගිහි පැවිදි දෙපාර්ශවයම පැවැසූහ. විරෝධතාව සඳහා පැරණි පුජා නගරයේ පදිංචිකරුවන් බව කියන සියයට අධික පිරිසක් සහභාගිවිය.

විරෝධතාවට එක්වූ පිරිස අතරින් තමන් විසින් තිදෙනකු ගෙන්වා අදාළ ගැටළුව සම්බන්ධයෙන් උසස් නිලධාරින් සමග සාකච්ඡාකර දින 14ක් ඇතුළත විසඳුම් ලබාදෙන බව පැවසුයෙන් විරෝධතාවට එක්වූ පිරිස එම ස්ථානයෙන් ඉවත්වී ගියහ.

නව අදහස දක්වන්න