සරත් එන්.සිල්වාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග | දිනමිණ

සරත් එන්.සිල්වාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 07 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ද ලබා ගැනීම අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 07 වන්දා සලකා බැලීමට ද නියම විය.

එදින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුටද අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණය නොතීසියක් නිකුත් කළේය.

නව අදහස දක්වන්න