ක්‍රීඩා ඇමැතිටත් අල්ලස් දෙන්න හදලා | දිනමිණ

ක්‍රීඩා ඇමැතිටත් අල්ලස් දෙන්න හදලා

තමා රටේ ක්‍රීඩා ඇමැතිවරයා බැවින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමාටද අල්ලස් දීමට උත්සාහ කළ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීවි සංවාදයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමාට මෙසේ අල්ලස් ලබාදීමට උත්සහ කළ බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර බවත් ක්‍රීඩා ඇමැතිවරයා එහිදී පවසා තිබේ.

‘මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා. එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා’ ඇමැතිවරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න