හම්බන්තොට සුරාබදු වැටලිම්වලින් 2018දී 431ක් අත්අඩංගුවට | දිනමිණ

හම්බන්තොට සුරාබදු වැටලිම්වලින් 2018දී 431ක් අත්අඩංගුවට

2018 වසරේ කළ සුරාබදු වැටලීම්වල දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 431 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීමට හම්බන්තොට සුරාබදු නිලධාරී කාර්යාලය සමත් ව තිබේ. හම්බන්තොට සුරාබදු නිලධාරී කාර්යාලය 2018 දී හම්බන්තොට, තිස්සමහාරාම හා අම්බලන්තොට යන ප්‍රදේශවල කළ වැටලිම්වල දී මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සහ ගංජා ළඟ තබාගැනීම් හා ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 65 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙලක්ෂ විසි හත්දහස් පන්සියයක දඩ මුදලක්ද, සංචාරක හෝටල් තුළ සිදු කළ වැටලීම්වල දී බලපත්‍ර නොමැතිව මත්පැන් විකිණූ හෝටල් හිමියන් 48 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තුන් ලක්ෂ හැත්තෑ හයදහසක දඩ මුදලක් ද, නීති විරෝධී කසිප්පු පෙරීම්, ළඟ තබාගැනීම් හා ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 267 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් විසි එක් ලක්ෂ තිස් හයදහසක මුදලක් ද, නීති විරෝධී අයුරින් විදෙස් දුම්වැටි ළඟ තබාගැනීම් හා ජාවාරම් කළ චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් 8දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පන්ලක්ෂ තිස් එක්දහසක දඩයක් ද, මහ රා (කෘත්‍රිමව සකස් කරන ලද රා) විකිණීම් හා ළඟ තබාගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 43 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ලෙස රුපියල් දෙලක්ෂ පහළොස්දහසක මුලක් ද රජයට අය වී තිබේ.

දකුණු පළාත්බාර සහකාර සුරාබදු කොමසාරිස් වී. ගමනායක හම්බන්තොට දිස්ත්‍රිත් සුරාබදු අධිකාරී ඩබ්ලිව්.ඩි.එම්.පද්මසිරි මහත්වරුන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට සුරාබදු ස්ථානයේ ප්‍රධාන සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරික්ෂක වසන්ත සමරසිංහ, සුරාබදු පරීක්ෂකවරුන් වන අජිත් පුෂ්පකුමාර, කේ. ඩී. කේ. පී. සේනාධීර, සුරාබදු නිලධාරීන් වන සහන් පෙරුමාබදු, විශ්ව චතුරංග, භාෂිත පුජන්ත, ගිහාන් සේනාරත්න හා ලක්ෂ්මන් ඒකනායක මහත්වරුන් විසින් වැටලීම් සිදුකර තිබේ.

සුරියවැව විශේෂ නුවන් ජයසේකර

නව අදහස දක්වන්න