ගරායක්ගම පිං කැටේ කැඩූ සැට් එක CCTV කැමරාවේ | දිනමිණ

ගරායක්ගම පිං කැටේ කැඩූ සැට් එක CCTV කැමරාවේ

මිහිර විජේසේකර

ආණමඩුව පොලිස් වසමට අයත් ගරායක්ගම ප්‍රදේශයේ අයියනායක දේවාලයේ පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණි පුද්ගලයෙක් අණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 8 වැනි දින අලුයම 5.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ආණමඩුව ප්‍රදේශයේ රජයේ ආයතනයකට කිරි ප්‍රවාහන කරමින් තිබූ මෙම බවුසරය දේවාලය අසල නවතා කාර්මික දෝෂයක් ඇති බවට පෙන්වා රියදුරු විසින් වේගයෙන් එන්ජිම ක්‍රියාත්මක කරන අතර තුර එහි සහයක විසින් පිං පෙට්ටියේ ඉබි යතුරු කඩා රැගෙන යාමට උත්සාහ කිරීම්දී ඒ අසල නිවැසියන්ට මේ සම්බන්ධව සැක සිතී ආණුමඩුව පොලිසියට දැන්වීමෙන් අනතුරුව කිරි බවුසරයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

පිං පෙට්ටිය කැඩීම්ට ගිය එහි සහයක අසල්වැසියන් එම ස්ථානයට පැමිණීමේදී පලාගොස් තිබේ.

කිරි බවුසරය , පිං පෙට්ටිය කැඩීම්ට රැගෙන ආ ආයුධ කිහිපයක් , විශේෂිත ඇඳුම් කට්ටලයක් , පිං පෙට්ටිය සහ එහි තිබූ මුදල් පොලිසි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර රියදුරා ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදි හෙළිවි ඇත්තේ ආණමඩුව නගරයේ තලාකොළවැව ජයසුමනාරාම විහාරස්ථාන භුමියේ පිහිටි අයියනායක දෙවියන්ගෙ ප්‍රතිමාව ඉදිරිපිට තබා තිබු පිං පෙට්ටියද මෙම සැකකරුවන් 7 දින මැදියම් රෑයේ පැහැරගෙන ගොස් ඇති බවයි.

එම පැහැර ගැනීම් විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇත.මෙම බවුසරය පුද්ගලික සමාගමකට අයත් බවහුතරයකි. දෛනිකව ආනමඩුව ප්‍රදේශයේ දියර කිරි එකතුකර කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුවේ .රියදුරු සහ සහයක මෙසේ කීප අවස්ථාවකම දේවාල සහ විහාර විහාරස්ථානවල අසල තිබෙන පිං කැට කඩා මුදල් ගන්නා බවට මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

පලාගිය බවුසර් රථයේ සැකකාර සහයක අත්අඩංගුවට ගැනීම්ට විමර්ශන කටයුතු සිදු කෙරේ.

ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි රත්නමලල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි අබේරත්න පොලිස් සැරයන් 59806 ජයසේන , පොලිස් කොස්තාපල් වරුන් වන 76743 වර්ණසුරිය , 45487 සේනාරත්න, 87475 සදරුවන් , 35944 දිසානායක යන නිලධාරිහු පරික්ෂණ සිදු කරති.

නව අදහස දක්වන්න