උතුරු - දකුණු කොරියා සාමය ස්ථාපිත කරනවා | දිනමිණ

උතුරු - දකුණු කොරියා සාමය ස්ථාපිත කරනවා

තමන්ට අවශ්‍ය උතුරු හා දකුණු කොරියාව අතර සාමය ස්ථාපිත කිරීමට බව උතුරු කොරියානු නායක පවසයි. ඔහු මෙසේ පවසන්නේ සෝල් නුවර වෙත ලිපියක් යොමු කරමිනි.

න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නව වසරේදී නිරන්තරයෙන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-යින් මුණ ගැසීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් පොරොන්දු එම ලිපියෙන් පොරෙන්දු වී තිබේ.

ඒ සඳහා දෙරට එක්ව න්‍යෂ්ටික අවිහරණ ගැටළුව නිරාකරණය කළ යුතු බව දකුණේ ජනාධිපති මූන් ගේ ප්‍රකාශකයකු සඳහන් කරයි. නායක කිම් ගේ ලිපිය සෝල් නුවරට ලැබීමට සැලැස්වූයේ කෙසේ දැයි ජනාධිපති මූන් ගේ ප්‍රකාශකයා අනාවරණය කර නැත.

2018 වසරේ දී සෝල් නුවර වෙත පැමිණීමට නොහැකි වීම පිළිබඳව මද කණස්සලක් ඇති බව කිම් පවසා තිබේ. පසු ගිය සැප්තැම්බරයේ ජනාධිපති මූන් ප්යොන්ග්යැන්ග් හි සිදු කළ සංචාරයෙන් පසු නායක කිම් සෝල් නුවර සංචාරය කිරීමට පොරොන්දු විය. උතුරු කොරියාවට ගිය මූන් ජනාධිපතිවරයා දෙරට නැවත වරක් එක් රටක්විය යුතු බව සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න