Monday, දෙසැම්බර් 17, 2018 - 01:00
මාතර, අකුරැස්ස, මලිදූව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද අසූමහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා ඇතුළු අවුකන බුදුරුවේ අනුරුව, දෙමහල් ධර්ම ශාලාව උමං විහාරය සහ භික්ෂු විවේකාශ්‍රමය විවෘත කිරීමේ පින්කම 23 වන දින සිදුකිරීමට නියමිතය. ඒ නිමිත්තෙන් 23 දින තුන්වේල් පිරිත් දේශනාවද, 25 දින සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවද එදින සිට ජනවාරි 01 දක්වා අටවිසි බුද්ධ පූජා, අසූමහා ශ්‍රාවක පූජා බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් සිදුකිරීමට නියමිතය.
සුමිත් ලියනආරච්චි, මලිදූව
නව අදහස දක්වන්න