අබලන් පාලම්පාරුව තවමත් ගොඩ | දිනමිණ

අබලන් පාලම්පාරුව තවමත් ගොඩ

බණ්ඩාරගම මැදගම රුක්ගහතොටුපළ පාලම් පාරුව අබලන් වීම නිසා ගොඩට ඇද දමා මාස තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නැතැයි මැදගම ජනතාව පවසති .

මේ නිසා මැදගම ජනතාවට කුරුසහන්දිය හරහා පානදුර නගරයට ගමන් කිරීමට ඇති ඉතාම කෙටි මාර්ගය වැළකී බණ්ඩාරගම හරහා පානදුර නගරයට කිමි 15ක පමණ දුරක් බස්රථ දෙකකින් ගමන් කිරීමට සිදු වි ඇතැයි පවසති .

වසර තිහක පමණ කාලයක සිට ඔවුහු මෙම තොටුපළට පාලමක් ඉල්ලා සිටියත් එයද සිහිනයක් බව පෙන්වා දෙති.

හල්තොට සමුහ විනිතා මානෙල් ගමගේ
ඡායාරූපය - හල්තොට සමූහ 

නව අදහස දක්වන්න