දෙසැම්බර් 01ට යෙදුණු ලෝක ඒඩ්ස් දිනය සමරා එච්.අයි.වී මාරාන්තිකයි දැනුවත් වෙමු, වළක්වා ගනිමු, කැමැත්තෙන් ඒඩ්ස් පරීක්ෂාව සඳහා යොමු වෙමු යනුවෙන් ප්‍රජාව දැනුවත්කිරීමේ වැඩසටහන් මාලාවක් හොරණ පොලිස් අධිකාරි කාර්යාලය සහ හොරණ පොලිස් ස්ථානය එක්ව සංවිධාන කර ඇත. ඒ යටතේ හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම පසුගිය දා සිදුකෙරිණී.
මෙහිදී ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හොරණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමින්ද මහතාද එක්ව සිටියේය.
හොරණ පොලිස් අධිකාරී විජිත රණබාහු කරුණාකලගේ මහතාගේ උපදෙස් පරිදි හොරණ පොලිස් ස්ථානයේ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරිනී නිලන්ති වනිගසේකර මෙනවිය විසින් මෙම වැඩසටහන් මාලාව සංවිධාන කරනු ලබයි.
නව අදහස දක්වන්න