පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මන්නාරමේ පෝස්ටර් | දිනමිණ

පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මන්නාරමේ පෝස්ටර්

මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයක දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මන්නරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අද(07) පෝස්ටර් අලවා තිබුනි.
 
එසේ මෙවැනි සිද්ධි යළි ඇති නොවන ලෙස වග බලා ගත යුතු යැයි පවසමින් සමකාමී විරෝධතා පා ගමනක් හෙට(08) දිනයේ දී අඩම්පන් හිදී සංවිධාන කර ඇත. එහිදී පැයක පමණ කාලයක් ප්‍රදේශයේ කඩසාප්පු වසා දැමීමට ද සැළසුම් කර තිබේ
 
මෙම පොලිස් නිලධාරී දෙදෙනා ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. 
 
මෙසේ මිය ගොස් සිටියේ ගාල්ල උඩුගම බැද්දේගම හන්දියේ පදිංචි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමැති වයස අවුරුදු 35ක් වු පොලිස් කොස්තාපල් 82162 වන අය හා, කල්මුණේ නිලාවනේ සර්වෝදය හන්දියේ අංක 1 ඒ පදිංචිව සිටි වයස අවුරුදු 28ක් වු පොලිස් කොස්තාපල් 8624 ගනේෂ් දිනේෂ් යන අයයි.

නව අදහස දක්වන්න