ට්‍රම්ප්-පුටින් සාකච්ඡා අවලංගුයි | දිනමිණ

ට්‍රම්ප්-පුටින් සාකච්ඡා අවලංගුයි

ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමඟාමීව සැලසුම් කර තිබූ ට්‍රම්ප්-පුටින් සාකච්ඡා අවලංගු කර තිබේ. ආජන්ටිනාවේ බුවනෝස් එයර්ස් නුවරදී ඇරඹෙන 13 වැනි ජී 20 නායකයන්ගේ සමුළුවට සමඟාමීව මෙම හමුව පැවැත්වීමට නායකයන් දෙපළ මීට පෙර සැලසුම් කර තිබිණි.

එහෙත් පසුගිය දා යුක්රේන නාවික නැව් 3ක් සමඟ කාර්ය මණ්ඩල සාමාජිකයන් 23දෙනෙකු රුසියාව සිය භාරයට ගැනීමත් සමඟ දෙරට අතර නැවතත් නොරිස්සුම් සහගත බවක් ඇති වී තිබේ.

රුසියානු වෙරළ ආරක්ෂක නැව්වලින් යුක්රේන නැව් වෙත එල්ල කිරීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සපයන ලෙස ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී ඇත.

පසුගිය 28වැනි දා සිදු වූ එම සිදුවීමෙන් පසු දින 30කට බලපැවැත්වෙන පරිදි යුක්රේනයේ, රුසියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශවලට හමුදා නීතිය පනවනු ලැබීය.

නව අදහස දක්වන්න