Wednesday, නොවැම්බර් 14, 2018 - 01:00
අමෙරිකානු ලේඛකයකු මෙන්ම මාර්වල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටැන් ලී මිය ගියේය. මිය යන විට 95 වැනි වියේ පසු වූ ඔහු 1961 වසරේ දී මාර්වල් කොමික්ස් හරහා ද ෆැන්ටාස්ටික් ෆෝ නිර්මාණය කළ අතර අනතුරුව ස්පයිඩර් මෑන් සහ ඉන්ක්‍රෙඩිබල් හල්ක් වැනි සුප්‍රකට චරිත බිහි කළේය. මාර්වල් කොමික්ස් නිර්මාණ අතර බ්ලැක් පැන්තර්, සිල්වර් සර්ෆර්, ද එක්ස් මෙන්, අයන් මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ද වේ.
විකට කතා කෘති රචකයකු ද වූ ස්ටැන් ලී ලෝස් ඇන්ජලීස් හි වෛද්‍ය මධ්‍යස්ථානයක දී මිය ගිය බව පවුලේ නීතිඥවරයා තහවුරු කළේය.
නව අදහස දක්වන්න