දෝෂාභියෝගයට සහය නැහැ- මනෝ ගනේෂන් | දිනමිණ

දෝෂාභියෝගයට සහය නැහැ- මනෝ ගනේෂන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවහොත් එයට සහය පළ නොකිරීමට ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය තීරණය කර ඇත.
 
එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්මන් දේශපාලන අර්බුධයට වැඩි කිරීමට කටයුතු කිරීමට නොව එය අවම කිරීම බවයි.
 
ඔහු මෙලෙස් අදාළ ට්විටර් පණිවිඩය තබා තිබුණි.
 
“ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේනට එරෙහිව කිසිදු දෝෂාභියෝග යෝජනාවකට දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහය දක්වන්නේ නැත.
මෙරටේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් හැටියට අපට තියෙන්නේ, තියෙන අර්බුදය අඩුකිරීම මිස වැඩිකිරීම නොවේ.“

නව අදහස දක්වන්න