ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගමේ (www.richlight.lk) සභාපති සුභයිර් ජාන් මහතා අපනයන විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී අපනයන විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීට වසර 17කට පෙර සේවකයන් 200කින් ඇරැඹූ රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමාගම වර්තමානයේදී සේවකයන් 1000කට ආසන්න පිරිසකට රැකියා සපයා ඇත. ඔවුන්ගේ ව්‍යාපාර සමූහයේ වර්තමානයේදී සේවකයෝ 1500ක් පමණ සිටිති. Body Suits, Sleep Suits, Pajama Sets, School Wear, (Pants, Skirts, Pinafore, Frocks) Polo T Shirts, Crew Neck T Shirts, Underwears ආදී පුළුල් පරාසයක ඇඟළුම් වර්ග රැසක් නිෂ්පාදනය කරන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමාගම සිය නිෂ්පාදන මැද පෙරදිග රටවලට, යුරෝපීය රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරයි.
George, Primak, Matalan, Pep & Co, Carter’s, Marks & Spencer, Khol’s, Sears & K-mart, Target Stores, Casual male, Gap, Dim, Walmart ආදී ජාත්‍යන්තර ගැනුම්කරුවන් විසින් රිච් ලයිට් නිෂ්පාදන මිල දී ගනු ලබයි. මසකට ඒකක 500,000ක පමණ නිෂ්පාදන ධාරිතාවකට හිමිකම් කියන රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව කැකිරාවේත්, ප්‍රධාන කාර්යාලය දෙමටගොඩත් පිහිටා ඇත. රේන්බෝ ෆැෂන් පෞද්ගලික සමාගම, රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමාගමේ සහෝදර සමාගමකි. සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් රිච් ලයිට් එක්ස්පෝර්ට්ස් සමාගමේ සභාපති සුභයිර් ජාන් මහතා ප්‍රකාශ කර සිටියේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සිදු කරමින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ගෙන එන තම සමාගමේ සේවය ඇගැයීමක් ලෙස ජනාධිපති සම්මානය හැඳින්විය හැකි බවයි. එසේම ඔහු සිය ගනුදෙනුකරුවන්ට සහ සේවක මණ්ඩලයට විශේෂ ස්තූතිය පිරිනැමීය.
නව අදහස දක්වන්න