වන්නි වෛද්‍ය සායනය දා... | දිනමිණ

වන්නි වෛද්‍ය සායනය දා...

පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලය හා අනුබද්ධ 85/86 පේරා මෙඩිකෝ ෆොරන්ඩ් ඉන් නීඩ් සමාජ සත්කාර සංවිධානය හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය එක්ව සංවිධාන කළ වෛද්‍ය සායනය පසුගියදා දවස පුරා නේරියකුලම මහ විද්‍යාලයේදි පැවැත්විය.

මෙහිදී ප්‍රදේශයේ බහුලව පවතින වකුගඩු රෝගින් පරීක්ෂාව හා දියවැඩියා රෝගි සායන අක්ෂි, ළමා, කායික, ශල්‍ය වෛද්‍ය, ශ්වසන, ප්‍රසව හා නාරිවේද ඇතුළු වෛද්‍ය සායන කිහිපයක් ක්‍රියාත්මක කළහ. වැඩිදුර රෝගී පරික්ෂාවන් සඳහා ප්‍රදේශයේ රෝහල් වෙත යොමු කෙරිණි. අවශ්‍ය ඖෂධ වර්ග සමාජ සත්කාරක සංවිධාන විසින් නොමිලේ ලබාදුන් අතර මේ සඳහා වෛද්‍යවරු 22ක් සේවය නොමිලේ ලබා දුන්හ.

මේ සත්කාර්ය වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ 212 බළසේනාව විසින් සංවිධාන කළ අතර 212 (වන්නි) බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිවරයා විසින් සිවිල් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

සටහන හා ඡායාරූප - උතුරු පළාත් සමූහ
නිමල් රත්නායක 

නව අදහස දක්වන්න