මාතලේ පොලිසියට සහ මාතලේ රෝහලට මායිම්ව ඇති දිය බුබුල පාලම අසල බිම වැටි සිටි පුද්ගලයකු පොලිසියේ මැදිහත් වීමෙන් මාතලේ රෝහලට ඇතුළත් කර ඇත. මේ වියපත් තැනැත්තා මහමඟ ඇද වැටී සිටින බව දැක ඇති මාධ්‍යවේදියකු ඒ බව මාතලේ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත ජයසේකර මහතාට දුරකථනයෙන් දන්වා තිබේ. පසුව එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් තවත් පොලිස් නිලධාරියකු සමඟ එකතු වී මේ වියපත් තැනැත්තා රෝහලට රැගෙන ගොස් ඇත. මාතලේ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත ජයසේකර මහතා පො .කො.57191 සාලිය අබේරත්න යන අය වහාම ක්‍රියාත්මක වී රෝගි වූ පුද්ගලයා රෝහලට රැගෙන යාමට කටයුතු කළහ . සිද්ධිය නෙත ගැටුණු අයගේ මුවින් පිටවුණේ මෙවන් නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවට වටිනා සම්පත් බවය.
උකුවෙල සංචාරක
ප්‍රියන්ත සුමනසේන
නව අදහස දක්වන්න