අලි සම්පත රැක ගන්න යුද්ධ හමුදාවෙන් දැවැන්ත ක්‍රියාවලියක් | දිනමිණ

අලි සම්පත රැක ගන්න යුද්ධ හමුදාවෙන් දැවැන්ත ක්‍රියාවලියක්

විජයානි එදිරිසිංහ

ජේරාරු තුන්මෝදර ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන දිවුලාන විල්ලුවේදිමඩ වගුරකට වන අලි නව දෙනකුගෙන් සමන්විත අලිරෑනක ගේ ජිවිත ගොදුරු විමේ අවාසනාවන්ත ඛේදවාචකය සිදු විමත් සමග ඉදිරියේදි කිසි දිනක යළිත් එවැනි සිදු විමක් සිදු විමට ඉඩ නොතබමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව එම වන රක්ෂිතවල සියලු අනතුරු සහිත ස්ථාන හදුනාගෙන පිළිසකර කිරිමේ දැවැන්ත ක්‍රියාවලියක් ආරම්භ කරයි.

වනජිවි දෙපාර්තමේන්තුවේ ඉල්ලිම පරිදි මේ වන වි‍ට පොළොන්නරුවේ පිබිදෙන පොළොන්නරුව ව්‍යාපෟති ඉදි කිරිමේ වැඩ සටහනට එක්වි සිටින යුද්ධ හමුදා ඉංජිනේරු බළකාය යොදා අලි සම්පත රැක ගැනිමේ මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පසු ගිය 28 වැනිදින එක් අලියකු දිවුලාන විල්ලුව වගුරක ගිලි ඇති බව දැක අනතුරුව දිගින් දිගටම පරික්ෂා කිරිමේදි වන අලියන් සහ පැටවුන් ඇතුලත්ව නව දෙනකුගෙන් සමන්විත අලි රෑනක්ම එම වගුරට ගොදුරු වි ඇති බව හෙළිකර ගෙන ඔවුන්ගේ සිරුරුද ගොඩ ගනු ලැබිණි.

මෙම සිද්ධිය හා සම්බන්ධ සියලු තොරතුරු සොයා බැලිමේදි ‍එම අලි රෑන බිළිගෙන ඇත්තේ පොරාරු අතු ගංගාව හරහා ජලය ලබා ගැනිමට ඉදිකර ඇති විශාල ප්‍රමාණයේ ඇනිකට් එක අවුරුදු දහයකින් පමණ සුද්ද පවිත්‍ර කිරි‍ම ගොවිජන සංවිධාන විසින් අතහැර දමා තිබ්මේ නොසැළකිලිමත් මිනිස් ක්‍රියාදාමයක ප්‍රතිළුලයක් නිසා බව හෙළි වි ඇත.

අඩෙවි වන නිළධාරින් විසින් අවස්ථා කිහිපයකදිම වන අලි මාරුවන මාර්ගය අවහිර වන පරිදි මේ ඇනිකටි එක අසල ගොඩ ගැසි ඇති විවිධ අපද්‍රව්‍ය ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස දැනුම් දි ඇතත් ඒවා කිසිදු සැළකිල්ලකට ගෙන නොමැති බව පොළොන්නරුව අඩෙවි ආරක්ෂක වන නිළධාරි උපාලි කුමාර මහතා කියා සිටියේය.

ඒ මහතා පවසන ආකාරයට වන අලි රංචුව මේ ආකාරයෙන් ඉතිහාසයේ පළමු වරට මෙවැනි ඛේදවාචකයට ලක්වි ඇත්තේ එම අලි වනයේ එහා මෙහා යන ඔවුන්ගේ සුපුරුදු මාර්ගය වැටි ඇත්තේ මෙම ඇනිකට් එකට ආසන්නයෙනි එනම් මෙම අලි රංචුව බිළිගත් ස්ථානයේ සිට මිටර් පන්සියයක් පමණ දුරින්ය.

මෙමස්ථානයේ ආරම්භය එනම් මහවැලි ගගේ සිට එන අතු ගංගාවක් වන පෙරියාරු අතු ගංගාව සහ තවත් ඇලක් සමග තුන්මෝදර එකතුවන ස්ථානාය දිවුලාන විල්ලුව වෙයි 2014 වර්ෂයේ වැස්ස ඇති විමෙන් පසු මෙම ප්‍රදේශයට විශාල වැස්සක් ඇති විනොමැත. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙයි. වැස්ස වසින කාලය තුළදි මෙම තුන්මෝදර විශාල මඩ තට්‍ටුවක් එකතු වන අතර ඒ මත ජපන් ජබර හටගෙන ඒවා පෙරියාරු ගග පුරා පැතිරි යයි. තුන්මෝදර පිහිටි අඩි ගණනාවක් උස් මඩ ස්ථරය මහා වැස්සක් සහිත ජල ගැලුමක් හට ගත් විට එම ජල පහරත් සමග ඉහත සදහන් ඇනිකට්ටුව හරහා ගගේ පහලට ගසා ගෙන යයි .සාමාන්‍යයෙන් නිරතුරුවම වසර ගණනාවක් තිස්සේ සිදුවන්නේ මෙයයි.

ගොවින්ට ජලය ගැනිමට පෙරාරු ගග හරස් කර ඉදිකර ඇති ඇනිකට් එක අසල ඉහලින් එන අපද්‍රව්‍ය සිරවි ඇතත් කිසිසේත් ඒවා ඉවත් නොකිරිම නිසා ඒවා ගොඩ ගැසි ඇත.

ඇනිකට් එක අසල අපද්‍රව්‍ය ගොඩ ගැසෙන විට එය විශාල බාධකයක් බවට පත්වෙන්නේ වන අලි එහා මෙහා යන මාර්ගයද අවහිර විම වෙයි.

මිට සති කිහිපයකට පෙර ඇද හැලුන වැස්සත් සමග තුන්මෝදර ගොඩ ගැසි තිබු මඩ ස්ථරය සහිත ජපන් ජබර ගොඩ පහලට ගසා ගෙන ගොස් ඇතත් ඇනිකට් එකේ අපද්‍රව්‍ය සිර වි තිබිම නිසා වෙනත් කාලවල මෙන් ඒවා ඇනිකට් එක පසු කර ගෙන පහලට ගලාගෙන නොගොස් ඇනිකට් එකට මිටර් පන්සියයක් පමණ දුරින් පිහිටි වන අලි මාරු වන මාර්ගය හරස් කර නැවති ඇත.

අලි රැන සුපුරුදු පරිදි සතියකට වරක් දෙකක් මෙම ස්ථානයෙන් කැම සහ වතුර සොයා මෙම ස්ථානය අසලින් එහා මෙහා යයි. මේ ආකාරයෙන් පසුගිය වැස්සෙන් පසු අලි රැන එම ස්ථානයෙන් ගමන් ගන්නා විට ජපන් ජබර සහිත අඩි හතරක් පමණ උස් ස්ථරයකින් සමන්විත මඩගොහුරුව තුළ එරි ඇත එපමණක් නොව ඒ ආසන්නයේ ජලයද පහලට ගලා නොයා රැදි තිබිම නිසා අඩි විස්සක පමණ ගැඹුරු ජල ප්‍රමාණයක්ද තිබි ඇත වගුරට වැටුණ වන ජිවි නිළධාරි උපාලි මහතා පවසා සිටින්නේ සාමාන්‍යයෙන් අලියකු ජලයට වැටුණත් හොඩය උඩට උස්සාගෙන සැළකිය යුතු ‍ වේලාවක් ජලයේ පිනමින් සිටිය හැකි බවයි. එහෙත් මෙම ස්ථානයේ රැදි සිරවි තිබු රොන්මඩ ස්ථරයත් ජපන් ජබර විශාල ප්‍රමාණයත් නිසා ජලයට වැටුන අලින්ට හොඩය උස්සාගත නොහැකි විමත් මඩේ එරි යාමත් නිසා අලි නව දෙනාම ජිවිතක්ෂයට පත්වි අඩි විස්සක් පමණ ගැඹුරු ජලයේ යටවි ඇත.

සාමාන්‍යයෙන් නිරතුරුවම මිනිසුන් ගැවසෙන සුළු ප්‍රදේශයක් වුවත් පසුගිය විසි අට වැනිදා එක් ගොවියකු විසින් අලියකු ගිලි ඇති බව දකින තෙක් කිසිවකුත් මෙම අවාසනාවන්ත සිද්ධිය දැක තිබුනේ නැත. එම ගොවියා වන ජිවි අඩෙවි කාර්යාලයට මේ බව දැන්වු වහාම එතැනට පැමිණ පරික්ෂා කිරිමේදි අලියා මි‍ය ගොස් නොතිබු බව පොලොන්නරුව වන ජිවි කාර්යාලයේ උපාලි මහතා පැවසිය. දැඩි අපහසුතා මධ්‍යයේ ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව අලියා ගොඩ ගත්තද ඒ වන විටත් මිය ගොස් තිබුණි

අනතුරුව පසුගිය දින කිහිපය පුරාම එම ස්ථානය පරික්ෂා කි‍රිමේදි එම මඩ ගොහුරට ‍ගොහුරට ගොදුරු වු අලි රෑනේම සිරුරු සොයා ගැනිමට හැකි වි තිබුණි.

ඉතිහාසයේ ප්‍රථම සහ මින් ඉදිරියට තවත් මේ ආකාරයේ අවාසනාවන්ත ඉරනමකට වන අලින්ට හෝ තවත් වන ජිවින්ට ගොදුරු විමට ඉඩ නොතබමින් මෙම රක්ෂිත පුරාම පිහිටිි අනතුරු මෙවැනි අනතුරුදායක ස්ථාන ඉවත් කිරිමට වන ජිවි ඉහල නිළධාරින්ට මේ ගැන දැනුම් දිමෙන් හමුදාව සහ වන ජිවි නිළධාරින් එක්ව මෙම මෙහෙයුම දියත් කරමින් කටයුතු කරගෙන යයි.

නව අදහස දක්වන්න