සාගරිකාගේ මකුණෝ කයි - PHOTOS | දිනමිණ

සාගරිකාගේ මකුණෝ කයි - PHOTOS

මාතර - මරදාන අතර දිවෙන සාගරිකා සීග්‍රඝාමී දුම්රියෙහි සනීපාරක්ෂක තත්ත්වය පිළීබඳව මගිීන්ගේ අප්‍රසාදය ඵලවී තිබේ.

දිනකට විශාල මගීන් පිරිසක් තම දෛනික ගමනාගමන පහසුව සඳහා  මෙම දුමිරිය භාවිතා කරයි.

දුම්රියේ දෙවන පන්තියේ ඇති මැදිරි තුල ඇති මගී ආසන මකුණන්ගෙන් සහ කැරපොත්තන්ගෙන් පිරී අපවිත්‍රව තිබෙන බව මගීන් පවසයි.

එදිනෙදා මෙම දුම්රිය භාවිතා කරන මගීන් පවසන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර පිළිබඳව නිළධාරීන් සැලකිල්ලක් දැක් වූවද දුම්රිය නඩත්තුව සහ පිරිසිදු කිරීම සම්බන්ධව ඔවුන් ඇල්මැරුණු ස්වභාවයක් පෙන්වන බවයි.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා විවිධ වැඩ පිළිවෙලවල් ආරම්භ කර තිබුණද දුම්රිය සේවය පිළීබදව සොයා බැලීමට කටයුතු නොකිරීම දුම්රිය සේවාව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය එල්ලවීමට හේතු වී තිබේ.

දුමිරිය ප්‍රධාන පාලකතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

 

 


 

නව අදහස දක්වන්න