SLIBFI සම්මාන උළෙලේ දී ‘වසරේ තකාෆුල් ආයතනය’ ලෙස ස්වර්ණ සම්මානය | දිනමිණ

SLIBFI සම්මාන උළෙලේ දී ‘වසරේ තකාෆුල් ආයතනය’ ලෙස ස්වර්ණ සම්මානය

Sri Lanka Islamic Banking and Finance Industry (SLIBFI) විසින් මෑතක දී පවත්වන ලද සම්මාන ප්‍රදානෝත්සවයේ දී Amãna Takaful PLC (ATL) සමාගම ‘වසරේ තකාෆුල් ආයතනය’ ලෙස ගෞරවනීය ස්වර්ණ සම්මානය දිනා ගත් අතර, සමාගම විසින් ‘කිරි ගොවි සත්කාර’ නමින් දියත් කර ඇති නව රක්ෂණ යෝජනා ක්‍රමය ද ‘වසරේ නිමැවුම’ ලෙස ස්වර්ණ සම්මානය හිමි කර ගත්තේය.

වාර්ෂිකව පැවැත්වෙන SLIBFI සම්මාන උලෙළ ආරම්භ කෙරුණේ ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රයට පුද්ගලයන් හා ආයතන ලබා දෙන දායකත්වය සහ එහි දී පෙන්නුම් කෙරෙන කාර්ය සාධනය හඳුනා ගෙන ගෞරව දැක්වීම පිණිසය. SLIBFI සම්මාන උලෙළ ක්ෂේත්‍රය තුළ ප්‍රදර්ශනය වන විශිෂ්ටත්වය අවධානයට පාත්‍ර කරවන අතර, විශිෂ්ට කාර්ය සාධනයක්, නවෝත්පාදනයක්, තාක්ෂණික භාවිතයක් සහ සමාජයට සැලකිය යුතු දායකත්වය ලබා දීමක් පෙන්නුම් කර ඇති ආයතනවලට විශේෂ පිළිගැනීමක් අත් කර දෙයි.

සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ SLIBFI ව්‍යාපාරික ප්‍රජාවගේ එකමුතුකම සැමරූ උත්සවාකාර සැඳෑවක කොටසක් ලෙසය. අංශ ගණනාවක් යටතේ සම්මාන පිරිනැමිණ. තරගකරුවෝ ඉමහත් උනන්දුවකින් සහභාගි වූහ. නාම යෝජිතයන් තෝරා ගන්නා ලද්දේ නිල විනිශ්චයකරු ලෙස සම්මාන උලෙළේ හවුල්කරුවකු බවට පත් KPMG ආයතනයේ විගණන නිලධාරීන් විසින් පවත්වන ලද විගණන ක්‍රියාවලියක් මඟිනි.

නව අදහස දක්වන්න