දිඹුල ළිඳේ වතුර රසයි | දිනමිණ

දිඹුල ළිඳේ වතුර රසයි

ප්‍රදේශවාසීන් විසින් ළිඳ ඉසින ආකාරය

කෑගල්ල ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා පැරැණි ඓතිහාසික වටිනාකමක් ඇති අම්බලමක් හා ඒ අසල දිඹුල ළිඳක් පිහිටා ඇත. කෑගල්ල නගරයේ සිට බුලත්කොහුපිටිය දෙසට කිලෝ මීටර් 5 ක් පමණ ගමන් කර දකුණට හැරී යන විට දර්ශනීය වෙල් යාය මැද මෙම අම්බලම හා ළිඳ හමුවෙයි.

අතීතයේ පටන් රාත්‍රී කාලයේ හා දිවා කාලයේ ගමන් ගන්නා සියලු දෙනාගේම වෙහෙස නිවා ගැනීමට සුන්දර වෙල් යායට මැදිව පිහිටි මෙම අම්බලම කදිම නවාතැන් පොළකි.

මෙම අම්බලම හා බැඳුන තවත් ඓතිහාසික පුරාවස්තුවක් ලෙස දිඹුල ළිඳයි හැදින්විය හැකිය.

මෙම ළිඳෙහි ජල උල්පත ගලන්නේ කලුගලක් මැද ඇති සිදුරකිනි. එය උඩට මතුවන විට පිටවන දිය බුබුළු දැනටත් දක්නට ඇත. එම නිසා මෙම ළිඳ දිඹුල ළිඳ නමින් ප්‍රසිද්ධ වූ බව අසල්වැසියෝ පවසති. කොතරම් අධික නියගයක් පැවතුණත් මෙම ළිඳෙහි ජලය කිසි දිනෙක අඩු නොවන බවත් එම නිසා දිනපතා මෙම ළිඳෙන් විශාල පිරිසක් දිය නාන බවද ප්‍රදේශ වාසීහූ පවසති.

පි. එම්. පී .පොල්වත්ත කෑගල්ල සමූහ 

 

නව අදහස දක්වන්න