බැසිල් රාජපක්ෂගේ නඩුව කල් යයි | දිනමිණ

බැසිල් රාජපක්ෂගේ නඩුව කල් යයි

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැයකොට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර බෙදාහැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහි නඩුව මැයි මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය.
 

නව අදහස දක්වන්න