තම දෑතින්ම පන්සල හදන 82 හැවිරිදි අපේ හාමුදුරුවෝ | දිනමිණ

තම දෑතින්ම පන්සල හදන 82 හැවිරිදි අපේ හාමුදුරුවෝ

අසූදෙහැවිරිදි වියේදීත් තම විහාරස්ථානයේ සියලුම කටයුතු තම දෑතින්ම කරන තම දෑතේ හැකියාවෙන් විහාරස්ථානයේ නිර්මාණය කරගත් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නමක් දීගල්ල ගිනිමන්දා වල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ සිටී. 1915 දී මෙම විහාරස්ථානය ආරම්භකර ඇත. එතැන් සිට වසර සියයකට ආසන්න කාලයක් විහාරස්ථානය තුළ කිසිම ඉදිකිරීමක් සිදුකර නැත.

2000 වසරේ ගිනිමන්දාවල දායක පිරිසකගේආරාධනයෙන් ගිනිමන්දාවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ගලහිටියාවේ සුගතානන්ද හිමියන් වැඩම කරන ලදි. මේ වනවිටත් පුංචි බුදු කුටිය පමණක් නොනැසී තිබිණි. රෝපණය කර තිබූ පුංචි බෝධීන් වහන්සේ මහා රුක්ෂයක් ලෙසට වැඩී ඇත. මේ වන විට විහාරස්ථානය තුළ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහිත විහාර මන්දිරයක් නිර්මාණය කර ඇත. චෛත්‍යය නිර්මාණය කර ඇත. අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය නිර්මාණය කර ඇත. විහාස්ථානයට පිවිසෙන වාහල්කඩ ඉදිකරමින් පවතී. මේ සියලු ඉදිකිරීම් සඳහා මේසන් වැඩ වඩුවැඩ, චිත්‍රකලා වැඩ, මුහුර්තී වැඩ සියල්ල ගලහිටියාවේ සුගතානන්ද හිමියන්ගේ දෑතින්ම නිර්මාණය වූ ඒවාය. ගිහියකුව සිටි කාලයේ දී නියැලුණු කලා හා කර්මාන්ත වල ආභාෂයෙන් මෙම නිර්මාණයන් වූ බව උන්වහන්සේ පැවසීය.

උන්වහන්සේ පැවිදිව පඩුවස්නුවර තිස්සව රජමහා විරාධිපති වයඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මුණුවටවන සිද්ධත්ත නාහියන් යටතේ බණ භාවනා කටයුතු වල යොමු වී සිටි උන්වහන්සේ ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසට ප්‍රදේශයේ ශාසනික සේවාවන් වල යෙදෙන ගලහිටියාවේ සුගතානන්ද හිමියන්ට දීර්ඝායු ප්‍රාර්ථනා කර මහා බෝධි පූජා පින්කමක් එම විහාරස්ථායෙදී සිදුකරන ලදි.

පඩුවස්නුවර සමූහ - යු. ඒ. ප්‍රේමදාස

නව අදහස දක්වන්න