කසලවලට යාපනය තහනම් වෙයි | දිනමිණ

කසලවලට යාපනය තහනම් වෙයි

යාපනය - කරෙයිනගර් වරාය මාර්ගයේ කසල බැහැර කිරීම නතර කරන ලෙස තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ යාපනය - මල්ලක්කාම් මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ප්‍රදේශයේ කසල බැහැර කිරීම නිසා නවාලි, අරාලි යන ප්‍රදේශවල ගම්මාන 07ක ජනතාව පීඩා විදින බවට පවසමින් යාපනයේ ස්වේච්ඡා සංවිධාන දෙකක් යාපනය නගර සභාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බැවින් එම ප්‍රදේශයේ කසල බැහැර කිරීම නතර කරන ලෙස එහිදී යාපනය - මලක්කාම් මහේස්ත්‍රාත් අන්තෝනි පිල්ලේ ජස්ටින් යාපනය මහ නගර සභාවේ ලේකම්වරයා වෙත නියෝග කළේය.

නව අදහස දක්වන්න