චන්දිමාල් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට | දිනමිණ

චන්දිමාල් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

එම කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණගත කිරීම්වල චන්දිමාල් අංක 08 ස්ථානයට පත්ව ඇති අතර ඔහු ඊට පෙර 10 වැනි ස්ථානයේ පසු විය.

ඔහු හැරෙන්නට මුල් ස්ථාන 20 තුළ වෙනත් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙක් නොමැති වීම ද විශේෂත්වයක්.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පිතිකරුවා ලෙස තේරී පත්ව ඇත්තේ ස්ටීවන් ස්මිත්ය.

නව අදහස දක්වන්න