ඉහළ කොත්මලා ජලාශය මතින් ඇති පාලම කරුවලේ | දිනමිණ

ඉහළ කොත්මලා ජලාශය මතින් ඇති පාලම කරුවලේ

තලවකැලේ - පූඬළුඔය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ නගරය ආසන්නයේ ඉදිකොට තිබෙන කොත්මලා ජලාශය මතින් යන පාලමේ සවිකොට තිබෙන විදුලි පහන් වසර ගණනාවක සිට දැල්වෙන්නේ නැති බව නගරවැසියෝ පවසති. මේ මතින් රාත්‍රී කාලයට ගමන් ගන්නා රථවාහනවල මෙන්ම පයින් ගමන් ගන්නා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනාවක් වැයකොට දර්ශනීය ලෙසින් සකස් කොට ඇති මෙම විදුලි පහන් ක්‍රියාවිරහිතව පැවතීම නිසා ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇතැයිද ඔවුහු කියති. මේ අඳුරේ පවතින පාලමෙන් තලවකැලේ තානායමට මෙන්ම ඉහළ කොත්මලා ව්‍යාපාරය මගින් ඉදිකරන ලද නිවාස රැසකට හා හොලිරූඩ් ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් රාත්‍රී කාලයේදී ගමන් ගනී. පාලමට පහළ, ඉහළ කොත්මල ජලාශය පිහිටා තිබීම නිසා එම පිරිස්වල ආරක්ෂාවට මෙම අඳුරේ පැවැතීම විශාල තර්ජනයක්ව ඇතැයි ද පෙන්වා දෙති. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකර මෙම පාලමේ අඳුර දුරු කිරීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ජනතාව කියති. 

නව අදහස දක්වන්න