බලු ගැටළුවක් දුරදිග ගොස් අයෙකුට වෙඩි | දිනමිණ

බලු ගැටළුවක් දුරදිග ගොස් අයෙකුට වෙඩි

මිද්දෙණිය තලාව පාසල අසලදී මිට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

මිද්දෙණිය පොලිසිය පැවසුවේ, තුවාලකරු තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවයි.

තුවල ලැබූ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

එක ළඟ පිහිටි නිවෙස් දෙකක බල්ලකු සම්බන්ද ගැටළුවකදි ඇති වූ බහින් බස් විමක්  දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වාර්තාවේ.

නව අදහස දක්වන්න